පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් ලකුණු 60 ක පරාජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරග 3 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලෙස මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.
තරගයේ ඇෆ්ගනිස්ථානයෙන් ලැබුනු ලකුනු 295 ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා ක්රීඩකයෝ පන්දුවාර 38 ක් අවසානයේ ලකුනු 234 කට සියල්ලන්ම දැවී ගියේය. පැතුම් නිශ්ශංක ලකුනු 85 ක් රැස් කළද එය ජයග්රහණයට ප්රමාණවත් නොවීය. ශ්රී ලංකා ඉනිම විනාශ කළ ෆසල්හක් ෆරූකි කඩුළු 4 ක් ද ගුලාබ්දීන් නායිබ් කඩුළු 3 ක්ද දවා ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන ක්රීීඩකයෝ සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 294 ක් රැස් කළහ. ඇෆ්ගනිස්ථාන ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු ඊබ්රහිම් සද්රාන් ලකුනු 106 ක්ද රහ්මතුල්ලා ගුර්බාස් ලකුනු 53 ක්ද රහ්මත් ෂා ලකුනු 52 ක්ද බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී වනිඳු හසරංග ද සිල්වා කඩුළු 2 ක් දවා ලීය.