ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කණ්ඩායම් වලම තනතුරු ලැබීමට නියමිත බව වාර්තා වේ.
මේ අතරින් චන්දික හතුරුසිංහට නැවතත් බංග්ලාදේශ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ධුරය ලැබීමට නියමිතබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ වන විට කටයුතු කරමින් සිටින එංගලන්ත නිව් සවුත්වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් මේ වන විට ඉවත්වී ඇති අතර ඉදිරියේදී බංග්ලාදේශය හතුරුසිංහ සමගින් ඉදිරියේදී ගිවිසුම්ගතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
බංග්ලාදේශ කණ්ඩායමේ නව පුහුණුකරු එළඹෙන පෙබරවාරි 18-20 අතර දිනයන්හිදී නම්කිරීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නස්මුල් හසන් පසුගියදා පැවසීය.
නමුත් මෙම තනතුරට පත්වන්නේ කවුරුන්දැයි යන්න ඔහු එහිදී ප්‍රකාශ කර නොමැත.
බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ටෙස්ට් හා එක්දින පුහුණුකරු වූ දකුණු අප්‍රිකානු ජාතික රසල් ඩොමින්ගෝ පසුගිය මාසයේදී සිය තනතුරින් ඉල්ලා අස්විය.
හතුරුසිංහ 2014-2017 වර්ෂයන්හිදී බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කලේය. එහිදී බංග්ලාදේශ කණ්ඩායම් ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරුවා ලෙසින්ද හතුරුසිංහගේ සේවය ඇගයිනි. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ප්‍රභල ඉන්දියාව, පාකිස්ථානය හා දකුනු අප්‍රිකානු කණ්ඩායම් වලට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණ ලබා ගැනීමටද, ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග ජයග්රහණයන් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.
අනතුරුව 2017 වර්ෂයේදී එම තනතුරින් ඉවත්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් එක්වුවද අපේක්ෂිත මට්ටමට ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් ක්‍රිකට් පිටියේ දක්ෂතා අතරට නොපැමිණියේය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් හිටපු පුහුණුකරුවෙකු වන දකුනු අප්‍රිකානු ජාතික මිකී ආතර් පාකිස්ථාන කණ්ඩායමේ අධ්යක්ෂ ධුරයට පත්වීමට නියමිත බව වාර්තා වේ.
මිකී ආතර් රටවල් ගණනාවකම ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ අතර ඒ අතරින් ඔහු 2019-2021 කාළයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කලේය.
ඊට පෙර ඔහු 2016-2019 කාළයේදී පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ අතර එහිදී ඔහු කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ අංක එක ස්ථානයේ තබාගැනීමට මෙන්ම ශූරයින්ගේ කුසලාන (2017) පාකිස්ථානයට දිනා දීමටද හැකිවිය.
චන්දික හතුරුසිංහ
මිකී ආතර්