කෙන්යාවේ නයිරෝබිහිදී අද (18දා) ආරම්භ වූලෝක කනිෂ්ඨ(අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව 07වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා විනාඩි 3.26.39ක කාලයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාව වාර්තා කළ පෞද්ගලික හොඳම කාලයද විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඡායාරූප - Ceylon Athletics
මීටර 4x400 මිශ්‍ර සහාය තරග ඉසව්වෙන් ජාත්‍යන්තර තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගිවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම අවස්ථාවෙන්ම ලොව ප්රමුඛ ස්ථානයක් හිමිකර ගැනීම සුවිශේෂී වෙයි.
මෙම ඉසව්වේ රන් පදක්කම නයිජීරියාව (වි. 3.19.70) දිනාගත් අතර, රිදී පදක්කම පෝලන්තයට හා (වි. 3.19.80) ලෝකඩ පදක්කම ඉන්දියාවට (වි. 2.20.60) හිමිවිය.
මීට අමතරව 04 වැනි ස්ථානය ජැමෙයිකාවටත් (වි. 3:23.04), 05 වැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත් (වි. 3:23.98), 06 වැනි ස්ථානය ඉතාලියටත් (වි. 3:24.26) හිමි වූ අතර, 08 වැනි ස්ථානය චෙක් ජනරජයට (වි. 3:28.51) හිමිවිය.
මේ අතර කාන්තා මීටර 100 අවසන් පූර්ව වටයේ පළමු අදියරට ශ්‍රී ලංකාවේ මේධානි ජයමාන්න සහභාගි වූ අතර, එහිදී ඇයට 07වැනි ස්ථානයෙන් සැහීමට සිදුවිය. මේධානි තරගය අවසන් කිරීම සඳහා තත්. 11.96ක කාලයක් වාර්තා කළ අතර, එම කාලය අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 24දෙනා අතර 21වැනි වේගවත්මකාලය විය. මේධානි, ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ඥාති දියණියක වෙයි.
මේ අතර අද පැවති මීටර 400 පිරිමි මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාවේ ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන සහගාගි වූ අතර, දෙවැනි මූලික තරගයට සහභාගි වූ ඔහුට 07වැනි ස්ථානය හිමිවිය.ඉසුරු තත්. 48.02ක කාලයක් වාර්තාකළ අතර, එය මෙම ඉසව්වට සහභාගි වූ සමස්ත තරගකරුවන් 24දෙනා අතර 20වැනි වේගවත්ම කාලය විය. ඒ හේතුවෙන් ඔහුට අවසන් 08 දෙනා අතරට පිවිසීමට නොහැකි විය.