ෆින්ලන්තයේ ටැම්පර් නුවර අද (10දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ පළමු දිනයේදීම පදක්කම් බලාපොරොත්තු දෙකක් ශ්‍රී ලංකාවට අහිමි විය.
ශ්‍රී ලංකාව ඉහළ විශ්වාසයක් තබා සිටි කාන්තා මීටර 3000 බාධක දිවීම ඉසව්වට සහභාගි වූ පාරමී වසන්ති මාරිස්ටෙලාට මූලික වටයේ 05 වැනියා ලෙස තරගය අවසන් කිරීමට සිදුවිය. ඇය විනාඩි 10.20.12ක කාලයක් තරගය අවසන් කිරීම සඳහා වාර්තා කළාය.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාරමී පසුගිය ජූනි මාසයේ ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය.
මේ අතර ශ්‍රී ලංකා නියෝජනය කරමින් මීටර 800 කාන්තා ඉසව්වට සහභාගි වූ දිල්ෂි කුමාරසිංහටද බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකි විය. මූලික වටයේදී දිල්ෂිට හිමි වූයේ අවසන් ස්ථානයයි. මෙහිදී දිල්ෂි විනාඩි 2.12.91ක කාලයක් වාර්තා කළාය.
වලල ඒ රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබන දිල්ෂිද ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනාදුන් ක්‍රීඩිකාවක් වෙයි.
ශ්‍රී ලංකාව තවත් බලාපොරොත්තු 02ක් හෙට (11දා) තරග වදින අතර, එහිදී මීටර 400 මූලික තරගයට ආසියානු රන් පදක්කම් ලාභී අරුණ දර්ෂණ හා ආසියානු රිදී පදක්කම් ලාභී අමාෂා ද සිල්වා තරග කිරීමට නියමිතව තිබේ.