සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ තෙැවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රිඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලැකුණු 81ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 63ක් අවශ්‍ය වෙයි. තෙවැනි දිනයට තරගය ආරම්භ කරන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 99ක් රැස්කරගෙන සිටියේය.
අද දිනයේදි ශ්‍රී ලංකාව ලකුණු 55කට සීමා කිරීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ඉන් අනතුරුව නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 93කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් හිමිවිය. කුසල් මෙන්ඩිස් හා ඩිල්රුවන් පෙරේරා නොදැවී පිටියේ රැඳී සිටිති. කුසල් පෙරේරා ආබාධයක් හේතුවෙන් අද දිනයේදී ක්‍රීඩා නොකළ අතර හෙට දිනයේදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බව වාර්තා වෙයි.