ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ආසාදිත සේවකයාගේ සෘජු සම්බන්ධතා වහාම හුදකලා කිරීමට කටයුතු කළ බවත් ඒ පිළිබඳව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවත් ක්‍රිකට් ආයතනය පවසයි.
සෘජු සබඳතා ඇන්ටිජන් පරීක්ෂණයකටද භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල සෘණාත්මක වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යාලයේ සිටින අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය සිය සාමාන්‍ය කටයුතු කරන බවත් සෙසු පිරිස් නිවසේ සිට වැඩකරනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.