ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසාධාරණ ලෙස සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරා ඇති නඩුව ඊයේ (09 දා) විභාගයට ගත් අවස්ථාවේ නඩුව වර්ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් 05 දෙනෙකු එකවර අසනීප වී ඇතැයි වාර්තා වේ.
මෙම අසනීප වූ ලොක්කන් අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා, පරිපාලන කළමනාකරු අසන්ත දසනායක යන නිලධාරීන් වන අතර, ඊට අමතරව හිටපු මානව සම්පත් කළමනාකරු ලසිත මෙන්ඩිස් සහ ප්‍රසන්න ජිනරතන යන මහත්වරු දැනට ක්‍රිකට් ආයතනයේ සේවය නොකරන බව පවසමින් සිතාසි භාරගෙන නොමැත.
ගාල්ල කම්කරු උසාවියේ මෙම නඩුව ගොනු කර තිබුණේ වසර දෙකකට වැඩි කාලයක් අසාධාරණ ලෙස රැකියාව සහ වැටුප අහිමි වූ එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක, පරිගණක ක්‍රියාකාරිනිය සහ ගිණුම්කරණ ලිපිකාරිනිය යන අයයි.
ඊයේ දිනයේ නඩු වාරයට නොපැමිණි මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ මහතාට පමණක් නීතිඥවරයෙක් පැමිණ සිටි අතර, මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ එකවර අසනීප වූ ක්‍රිකට් ලොක්කන් සියල්ලන්ටම එළඹෙන නඩු වාරයේදී එනම් දෙසැම්බර් මස 07 වැනිදා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.
මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ මහතා වෙනුවෙන් නීතිඥ දිදුල රාජපක්ෂ නඩුවට සහභාගි වූ අතර, තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු පරිපාලනය අසාධාරණ ලෙස වසර දෙකක පමණ කාලයක් රැකියාව සහ වැටුප අහිමි කිරීම හේතුවෙන් මෙම සේවකයන් ඔවුනට එරෙහිව කම්කරු උසාවියේ නඩු පැවරීමට පියවර ගෙන තිබුණි.