ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ. ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක වෙන අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළ පුද්ගලයෙකි.
ඔහු 2019 වසරේ පවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ නිමාව දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
ශ්‍රි ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මනෝජ් අබේවික්‍රම මහතා ශ්‍රි ලංකා සංවර්ධනය කණ්ඩායම සමගින් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ කටයුතු කරනු ඇත.