ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලපරිච්ඡේදය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අද (21දා) පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශ %ඩන්කන් වයිට්^ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව සභාපති තනතුර සඳහා 'රණතුංග පාර්ශ්වය' නියෝජනය කරමින් ජයන්ත ධර්මදාස මහතාද,'සුමතිපාල පාර්ශ්වය' නියෝජනය කරමින් ෂම්මි සිල්වා මහතාද තරග වැදීමට නියමිතය.
ඒ ක්‍රිකට් නිලවරණයට තරග කිරීමේ අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලාමොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් ගොනු කළ රීට් පෙත්සම ඊයේ (20දා) අභියාචනාධිකරණයේදී සමථයකට පත්වීම හේතුවෙනි.
මොහාන් ද සිල්වා මහතා සභාපති ධුරයට අමතරව ලේකම් ධුරයට සහ උපසභාපති ධුරයට නාමයෝජනා භාරදී තිබූ අතර, ඔහු ලේකම් ධුරයට පමණක් තරග කිරීමට ප්‍රතිවාදී පාර්ශ්වය සමග එකඟතාවකට පැමිණ තිබේ. රවීන්වික්රමරත්න මහතා භාණ්ඩාගාරික, උපසභාපති සහ උපලේකම් යන ධුරවලට නාමයෝජනා භාරදී තිබුණද,පසුව ඔහු උපසභාපති ධුරයට හෝ උපලේකම් ධුරයට තරග කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් අවසන් අවස්ථාව මෙය වන අතර, යම් හෙයකින් අද දිනයේදී නිලවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගත වූයේ නම්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට හිමි සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්ද මතුව තිබිණි.
කෙසේ වෙතත් මේ සියලු කාරණා සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය ප්‍රතිවාදී පාර්ශ්වවල සමථකරණ ක්‍රියාවලිය පිළිගෙන එම පෙත්සම්කරුවන් යොමු කර තිබූ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දුන්නේය.
මීට පෙර අවසාන වරට ක්‍රිකට් නිලවරණයක් පැවැත්වුණේ 2016 වසරේදීය. අනතුරුව 2018 වසරෙන් එම කමිටුවේ නිලකාලය අවසන් වූ අතර, නිලවරණ කමිටුව පත්කිරීමේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් 2018 වසරේ මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල්දැමීමට සිදුවූයේ පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවී වාරණ නියෝගයක් ලබාගැනීම හේතුවෙනි.
අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එවකට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතාව 2018 ජුනි මස පළමු වැනිදා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා නිසි බලධරයෙකු පත්කිරීමට පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඡන්ද 143ක් පවතින අතර, ප්‍රධාන තනතුරු 07ක් (සභාපති, ලේකම්, උපසභාපතිවරු දෙදෙනෙක්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික, උපලේකම්) සඳහා අද දිනයේදී ඡන්දය විමසීමට නියමිතය.
ක්‍රිකට් නිලවරණයට තරග කරන අවසන් නාමලේඛනය
සභාපති - ජයන්ත ධර්මදාස, කේ. මතිවානන්, ෂම්මි සිල්වා
උපසභාපති - කේ. මතිවානන්, අර්ජුන රණතුංග, ෂම්මි සිල්වා, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන් වික්‍රමරත්න
ලේකම් - නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා, බන්දුල දිසානායක, ෂම්මි සිල්වා
උපලේකම් - බන්දුල දිසානායක, ක්‍රිශාන්ත කපුවත්ත, හිරන්ත පෙරේරා, රවීන් වික්‍රමරත්න
භාණ්ඩාගාරික - ඊස්ට්මන් නාරන්ගොඩ, ෂම්මි සිල්වා, නලින් වික්‍රමසිංහ, ලසන්ත වික්‍රමසිංහ
උපභාණ්ඩාගාරික - සංජය සේදර සෙනරත්, ලලිත් රඹුක්වැල්ල, නලින් වික්‍රමසිංහ