සනත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක බෙදයි
කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ඇතුළත් වියළි සලාක බෙදාදීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය කටයුතු කර තිබුණි.
මෙම කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරුන්ගේ දායකත්වයද ලැබී ඇත.
අවිශ්ක 22 වැනි උපන්දිනයට ගම්පහ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදයි
කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සිය 22 වැනි උපන් දිනය ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීම සඳහා එක්ව තිබේ.
මෙම කර්ත්ව්යයට ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ අවට ප්‍රජාවගේ සහයද හිමිව තිබුණි.
කුසල් මෙන්ඩිස් වැඩිහිටි නිවාසවලට සහ ළමා නිවාසයකට උපකාර කරයි
කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ තත්ත්වයට පත්ව සිටින කොළඹ ප්‍රදේශයේ වැඩිහිටි නිවාස දෙකක් සහ ළමා නිවාසයක් සඳහා අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායෙන් කරන ලද ඉල්ලීමකට මෙය සිදුකර තිබුණි.
ඒ සඳහා කුසල් මෙන්ඩිස්ට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, ධම්මික ප්‍රසාද්, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, රොන් චන්ද්‍රගුප්ත යන හිටපු සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් දායකත්වය ලබාදුන්හ.
ලහිරු තිරිමාන්න ද වයඹ පළාතේ ජනතාවට උපකාර කරයි
කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ තත්ත්වයට පත්ව සිටින වයඹ පළාතේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ඉදිරිපත්ව තිබුණි. ඒ අනුව වයඹ පළාතේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා වියලි සලාක බෙදා දීමට පියවර ගත් අතර තිරිමාන්න ඊට සහභාගි වී තිබුණේ නැත. එහෙත් එම කර්තව්‍ය ඉටු කළ සිරිරතන හිමි, තිරිමාන්න සිදුකළ මෙම සද් ක්‍රියාව අගයා තිබුණි. ලහිරු තිරිමාන්නගෙ ධන පරිත්‍යාගයෙන් අසරණ පව්ල් පනහක් වෙනුවෙන් වියලි ආහාර ලබා දුන් ඔබට ගොඩක් පින්. ඒ වගේම මේ සදහා පොලිස් සහය ලබාදුන් නියෝජ්‍ය පොලිසපති බුද්දික සිරිවර්ධන මහතාටත් නිකවැරටිය කොට්ටාස බාර පොලිස් අදිකාරි චන්දන මහතාටත් බොහොමත් පින්' යනුවෙන් උන්වහන්සේ සඳහන් කර සිටියහ.