ශ්රී ලංකා - එංගලන්ත පළමු එක්දින ක්රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් ප.ව.03.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ කිසිවෙකු නොදෙවි ලකුණු 22ක් ලබා සිටියහ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 74ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස් කළහ.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ශ්රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 214ක් පිටුපසින් පසුවන්නේය.