සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය අද(24දා) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා පන්දුවාර 60ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස් කරගෙන සිටියහ.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 236ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 358ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවන්නේය.