ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21දා) පැවැති සිය පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
“නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යැයි නව ක්‍රීඩා ආමාත්‍යවරයා පැවසීය.
“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 09 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕන” යයිද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.