දඹුල්ල කණ්ඩායම කඩුලු 07කින් පරාජය කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ %ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 ලීග්^ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. මෙම තරගය රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (02දා) පැවැත්විණි.
දඹුල්ල කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 164ක ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී තරගයේ 18.2 වැනි පන්දුවාරයේදී පසුකර යාමට කොළඹ කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණයේ නියමුවා වෙමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග පන්දු 55කදී ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහර 09ක් හා හතරේ පහර 06කින් අලංකාර විය. මෙම තරගාවලියේ තරංග වාර්තාකළ දෙවැනි ශතක මෙය විය.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 168ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉනිම ආරම්භකළ රමිත් රඹුක්වැල්ල පන්දු 40කට මුහුණදෙමින් ලකුණු 57ක් ඉනිමට එක් කළේය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අකිල ධනංජය හා ජීවන් මෙන්ඩිස් කඩුලු 02 බැගින් බිඳලමින් දක්ෂතා දැක්වූහ.
මෙම තරගාවලිය කොළඹ, දඹුල්ල, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම් අතර පැවැත්විණි. ලීග් ක්‍රමයට පැවති මෙහි මූලි වටයේදී සෑම කණ්ඩායමකටම තරග 06 බැගින් හිමිවූ අතර, ඉන් තරග 04 බැගින් ජයගත් කොළඹ හා දඹුල්ල කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.
අවසන් තරගයේ වීරයා ලෙස පිත්තෙන් දක්ෂතා දැක්වූ උපුල් තරංග සම්මාන දිනාගත්හ. තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයද තරංගට හිමිවිය. කෙසේ නමුත් තරගාවලියේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලකට හිමිවිය.
දඹුල්ල 168/8 (පන්දුවාර 20)
රමිත් රඹුක්වැල්ල 57 (40, 4x7, 6x3), හසිත බෝයගොඩ 40 (26, 4x3, 6x2), වනිඳු හසරංග 22 (18, 4x2), සදීර සමරවික්‍රම 10 (6, 4x2), අකිල ධනංජය 2/37 (4), ජීවන් මෙන්ඩිස් 2/27 (4)
කොළඹ 167/3 (පන්දුවාර 18.2)
උපුල් තරංග නොදැවී 104 (55, 4x6, 6x9), ශෙහාන් ජයසූරිය නොදැවී 35 (22, 4x3, 6x1), ප්‍රියමාල් පෙරේරා 12 (14), ඩිල්රුවන් පෙරේරා 1/36 (4), අමිල අපොන්සු 1/27 (3)
විශ්ව මුදියන්සෙ / ඡායාරූප - ළහිරු හර්ෂණ