ඔක්තෝබර් 16 දා ඔස්ට්‍රේලියාවේදි ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර ආසියානු තරගාවලියේ උපනායක ලෙස කටයුතු කළේ චරිත් අසලංකයි.
දිනේෂ් චන්දිමාල් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම්කර තිබේ. ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අමතරව මේ වන විට ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර හා ළහිරු කුමාර සංචිතයට නම් කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් තරගාවලියට ක්‍රීඩා කිරිම ශාරීරික යෝග්‍යතාව අනුව සිදුවෙනු ඇත. මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
සංචිතය
1.) දසුන් ශානක - නායක
2.) ධනුෂ්ක ගුණතිලක
3.) පැතුම් නිශ්ශංක
4.) කුසල් මෙන්ඩිස් - (කඩුලු රකින්නා/පිතිකරු)
5.) චරිත් අසලංක
6.) භානුක රාජපක්ෂ - (කඩුලු රකින්නා/පිතිකරු)
7.) ධනංජය ද සිල්වා
8.) වනිඳු හසරංග
9.) මහීෂ් තීක්ෂණ
10. ජෙෆ්රි වැන්ඩර්සේ
11. චාමික කරුණාරත්න
12. දුෂ්මන්ත චමීර (යෝග්‍යතාවයට යටත්ව)
13. ලහිරු කුමාර (යෝග්‍යතාවයට යටත්ව)
14. ඩිල්ෂාන් මධුශංක
15. ප්‍රොමෝද් මධුෂාන්
අතිරේක ක්‍රීඩකයන්
01) අශේන් බණ්ඩාර
02) ප්‍රවීන් ජයවික්‍රම
03) දිනේෂ් චන්දිමාල්
04) බිනුර ප්‍රනාන්දු
05) නුවනිදු ප්‍රනාන්දු
අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායම සමගින් ඔස්ට්‍රේලියාවට ගමන් කරන බව ක්‍රිකට් ආයතය පවසයි.