විස්සයි20 තරග 03කට සහභාගි වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එළඹෙන වසරේදී ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (25දා) නිවේදනය කළේය.
ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය, සිම්බාබ්වේ කණ්ඩායම සමග ක්රීඩා කිරීමට සැලසුම් කර තිබුණද, මේ වන විට සිම්බාබ්වේට තාවකාලික තරග තහනමක් පනවා ඇති හෙයින් එය ශ්රී ලංකාව සමගින් ක්රීඩා කිරීමට කැමැත්ත පළකර ඇත. එම යෝජනාවට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේද එකඟතාව හිමිව ඇත.
මෙම තරගාවලිය 2020 වසරේ ජනවාරි මස ගුවහාති (ජන. 05), ඉන්දොර් (ජන. 07) හා පූනේ (ජන. 10) යන ක්රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව ඇත.