විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය හා පාකිස්ථානය අතර එළඹෙන ඉරිදා (13දා) පැවැත්වෙන අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අයි.සී.සී.ය නිවේදනය කර ඇත.
තරගය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙසින් එළඹෙන සඳුදා (14දා) සූදානම් කර තිබුණද කාලගුණ අනාවැකි මගින් එම දිනදෙකේ මෙල්බර්න් ආශ්රිත ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇති වන බවට පුරෝකථනය කර ඇත.
ඒ අනුව යම් හෙයකින් සඳුදා දිනයේදීද වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් තරගය පැවැත්වීමට අතිරේක පැය දෙකක කාළයක් ලබාදීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත. ඒ අනුව තරගය පැවැත්වීමට පැය 7 මිනිත්තු 10 කාළයක් ලබාදෙනු ඇත.
මෙම කාළය තුළදීද වර්ෂාවෙන් බාධා පැමිණියහොත් තරගය එක් කණ්ඩායමකට අවම පන්දුවාර 10 ක් ලබාදීමට නියමිතය. එහිදී ඉරිදා දිනයේදී තරගය අතරතුරදී වර්ෂාව හේතුවෙන් බාධාවක් ඇතිවුවහොත් අතිරේක දිනය වන සඳුදා එම තරගය පන්දුවාර 10 තරගයක් ලෙසඉරිදා නැවැත්වූ තැනින් ආරම්භ කළ හැක.
අයි.සී.සී.ය නිවේදනය කරනුයේ තරගය එක් කණඩායමට පන්දුවාර 10කට වඩා ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම සමශූරතාව ලබාදෙන බවයි.
තරගාවලියේ මෙල්බර්න්හිදී මූලික වටයේ තරග 6 ක් පැවැත්වූ අතර එයින් තරග 3 ක්ම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුයේ කිසිදු පන්දුවක් ක්‍රීඩා නොකරමිනි. ඊට එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත වූ තරගයද ඇතුලත්ය.
එමෙන්ම එංගලන්තය හා අයර්ලන්තය අතර පැවති තරගටද වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව අයර්ලන්තයට අනපේක්ෂිත ජයක් හිමිවිය.