විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පිරිමි කණ්ඩායමක් දවා ලූ අවම ලකුනු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කීරීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ඒ් මෙවර තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුනු 15 කට දවා ගනිමිනි. මෙම තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුනු 139 ක් රැස් කළහ.
ඒ් අනුව ලකුනු 140 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයින් සියළුදෙනා පන්දුවාර 5.5 කදී ලකුනු 15 කට දැවී ගියේය. කිසිදු ක්‍රීඩකයෙකුට ලකුනු 5 සීමාවට පැමිණිමට නොහැකි වූ මෙම ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූයේ ලකුණු 4 ක් ලබාගත් බ්‍රෙන්ඩන් ඩ්රොගට් (4) පමණි.
මෙහිදී දක්ෂ පන්දුයැවීමක නිරතවූ හෙන්රි තෝර්ටන් ලකුනු 3කට කඩුළු 5 ක්ද වෙස් ඇගර් , ලකුණු 6 කට කඩුළු 4 ක්ද බැගින් දවා ගත්හ. මෙහිදී හෙන්රි තෝරටන් බිග් බෑෂ් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට කඩුළු 5 ක් දවා ගත් ක්‍රීඩකයා ලෙසින් ඉතිහාස ගත විය. මෙහි පෙරමුණ ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිවී ඇත. ඒ් 2012 වර්ෂයේදී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට එරෙහිව ලකුනු 7 කට කඩුළු 6 ක් බිඳ හෙලමිනි.