නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115කට දැවී ගියේය.
ලකුණු 95කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීමට ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් (42) සමත්වූයේ පස්වැනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් පවත්වමිනි.
මුලු ලකුණු 200දී චන්දිමාල් දැවී ගිය අතර මැතිව්ස් මුලු ලකුණු සංඛ්‍යාව 260 දී දැවී ගියේය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 98කදී ලකුණු 271ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 253ක් ඉදිරියෙන් පසුවෙයි. අද තරගයේ සිව්වැනි දිනයයි.