විනය විරෝධී ක්‍රියාවල යෙදීම නිසා මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටි ජපාන පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනෙකු ආපසු සිය රටට ගෙන්වා ගැනීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.
අදාළ ක්‍රීඩකයන් සිවුදෙනා ඉන්දුනීසියානු ලිංගික ශ්‍රමිකයන්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කිරීම ඔවුන්ට එල්ලවී ඇති මූලික චෝදනාවයි. අදාළ ක්‍රීඩකයන් සිවුදෙනා චෝදනා පිළිගෙන ඇති හෙයින් මෙම ක්‍රීඩකයන් සිවුදෙනා ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීමට ජපාන බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම ක්‍රීඩකයන් වයස 27, 23 හා 22 යන වයස් කාණ්ඩවල පසුවන අතර, තරගාවලියේ මූලික වටයේ තරගයකට පසු මොවුන් සිවුදෙනා අවන්හලකදී මත්පැන් පානය කර මෙම අපචාර ක්‍රියාවන් වෙත යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ, තමන් කළ ක්‍රියා සම්බන්ධයෙන් පසුතැවෙන බවයි.
"අපි දුරදිග නොබලා කළ දෙයින් ලොකු අමාරුවක වැටුණේ. ඒ ගැන අපි දැන් ගොඩක් පසුතැවෙනවා." ඔවුහු පැවසූහ. මේ සම්බන්ධයෙන් ජපාන බලධාරීහු සිය කනගාටුව පළ කරන අතර, මෙවැනි සිදුවීමක් මින් ඉදිරියට සිදු නොවීමට වග බලා ගන්නා බවද මාධ්‍ය වෙත පවසා සිටියහ.