සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.
තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 253ක් රැස්කළ අතර ඒ සඳහා පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 300ක් රැස්කළේය. නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 342ක් රැස්කළේය.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට ලකුණු 296ක ඉලක්කකයක් හිමිවිය. තරගය පස්වැනි දිනයට නිමා කරන විට කොදෙව් කණ්ඩායමේ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පන්දු 172කදී නොදැවී ලකුණු 59ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රි ලංකාව වෙනුවෙන් කසුන් රාජිත හා සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් දවාගත්හ.