සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින නවසීලන්තය දිනය නිමා වන විට කඩුලු පහකට ලකුණු 162ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 193ක් ඉදිරියෙන් පසුවෙයි.