(UPDATE) 10.45 AM ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස් හා ඉසුරු සෘණාත්මක වී තිබේ.
මේ අනුව තරගාවලියට ඉදිරියට යනු ඇති බව වාර්තා වෙයි. එසේම වාස් සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කළේද තරගාවලිය ඉදිරියට යනු ඇති බවයි.
10.00 AM වාස්, ඉසුරු හා ශිරාන් දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට
බංග්ලාදේශ තරගාවලියට එක්ව සිටි ඉසුරුගේ හා ශිරාන්ගේ මෙනම සහ පුහුණුකරු වාස්ගේ තවත් PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි ප්‍රථිපල අද උදෑසන 10.30 ට ලැබීමට නියමිතය.
මේ අතර බොහෝ දෙනෙකු විවාදයට මතු කළ කරුණක් වූයේ තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජෛව බුබුල සංකල්පය සාර්ථකව ක්‍රියාවට නැංවූයේද යන්නයි.
ඉසුරු උදාන යොදාගනිමින් බංග්ලාදේශයේදී පැවැත්වූ බව කියන මාධ්‍ය සාකච්ඡාවක් පිළිබඳව ඡායාරූපයක්ද මේ වන විට මාධ්‍ය අතර හුවමාරු වෙයි. එහිදී මයික් ඉදිරිපස තබමින් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
තරගාවලිය වෙනුවෙන් පැවැත්වූ සියලුම මාධ්‍ය සාකච්ඡා වීඩියෝ තාක්ෂණය හරහා සිදුකරන විට ඉසුරු උදාන යොදාගෙන මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් සිදුකිරීම බොහෝ දෙනෙකු ප්‍රශ්න මතුකරන කරුණක් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් තිදෙනා ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි.
මේ අනුව ඔවුන් යළිත් වරක් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.
එම පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලද ධනාත්මක වුවහොත් තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව ගැටලුවක් මතුවේ.
තරග තුනකින් සමන්විත එක්දනි තරගාවලිය අද (23දා) ආරම්භවීමට නියමිතව තිබුණි.