ශ්රී ලංකා ක්රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපිය යොමුකළ හිටපු ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගෙන තිබේ.
චමින්ද වාස් මහතා සහ ශ්රී ලංකා ක්රිකට් කළමනාකරණ කණ්ඩායම අතර පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මෙසේ ඉල්ලා අස්වීම් ඉල්ලා අස්කගෙන තිබේ. මෙම රැස්වීමේදී වාස් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සාමකාමීව විසඳා ගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව ඉදිරියට ශ්රී ලංකා ක්රිකට් වේග පන්දු උපදේශක ලෙස චමින්ද වාස් කටයුතු කරනු ඇත.