ලෝක කුසලානයේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් සෙනගාලය පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කීරීමට නෙදර්ලන්තය සමත්විය. මෙම තරගය දෝහා හිදි පැවැත්වීනි. තරගයේ මිනිත්තු 84 ක් දක්වා කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කර ගත නොහැකිවිය.
සෙනගාල ක්‍රීඩකයෝ කිහිපවරක්ම නෙදර්ලන්ත සීමාව ආක්‍රමණය කරමින් ගෝල වාර්තා කිරීමට උත්සාහ ගත්තද නෙදර්ලන්ත දැල් රකින ක්‍රීඩක ඇන්ඩ්‍රීස් නොපට්ගේ දක්ෂ දැල් රැකීම හේතුවෙන් එය ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් උපක්‍රමශීලිව ක්‍රීඩා කළ නෙදර්ලන්තය 84 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කලේ කොඩි ගක්පොගේ සාර්ථක හිස් පහරක් හේතුවෙනි. අනතුරුව තරගය නිමාවීමට මිනිත්තු කිහිපයක් තිබියදී ක්‍රියාත්මක වූ ඩේවි ක්ලසේන් දෙවැනි ගෝලයද කණ්ඩායමට වාර්තා කරදුන්නේය.
මෙම තරගයේ පුහුණුකරු ලෙසින් ක්‍රියා කළ නෙදර්ලන්ත පුහුනුකරු ලුයිස් වැන් ගාල්ගේ වත්මන් වයස අවුරුද 71, දින 105 ක් වේ. මේ සමගින් පාපන්දු ලෝක කුසලානයකට කණ්ඩායමක් මෙහෙයවූ තෙවැනි වයස්ගතම පුහුණුකරුවා ලෙසින් වැන් ගාල් ඉතිහාසගත විය.
මීට පෙර වයස අවුරුද 71 ක් හා දින 125 දී උරුගුවේ කණ්ඩායම මෙහෙයවූ (2018) ඔස්කා ටැබරේස් හා වයස අවුරුද 71 දින 317 දී ග්‍රීසිය මෙහෙයවූ ඔටෝ රෙහාජෙල් ලෝක කුසලානයක් මෙහෙය වූ වයස්ගතම පුහුණකරුවන් වූහ.
ලුයිස් වැන් ගාල්