සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ලකුණු 29ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ශාන්ත ජෝර්ජ්හි පැවැති මෙම තරගයේදි මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6ට ලකුණු 418ක් රැස්කිරීමට සමත්විය.
එංගලන්තය වෙනුවෙන් 6 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ජෝස් බට්ලර් පන්දු 77කදී හයේ පහර 12ක් හා හතරේ පහර 13ක් සමගින් ලකුණු 150ක් වාර්තා කළේය. නායක ඉයන් මෝගන් පන්දු 88කදී හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් සමගින් ලකුණු 103ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 48කචී සියලු දෙනා දැවී ලකුනු 389ක් රැස්කළේය.
එංගලන්තය ලබාදුන් දැවැන්ත අභියෝගයට සාර්ථකව පිළිතුරු දීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. එහිදී ක්‍රිස් ගේල් පන්දු 97කදී හතරේ පහර 11ක් හා හයේ පහර 14ක් සමගින් ලකුනු 162ක් රැස්කළේය. ඔහු ඩැරන් බ්රාවෝ (61) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 176 ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූයේය. බ්රාවෝ දැවී යන විට කොදෙව්වන් පන්දුවාර 23කදී ලකුණු 220ක් රැස්කර තිබුණි. ඒ අනුව ඔවුන් තවත් පන්දුවා 27කදී රැස්කිරිමට තිබුණේ ලකුණු 198ක් පමණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව කොදෙව් පිතිකරුවන්ට අභියෝගයක් වන ආකාරයෙන් පන්දු යැවීමට අඩිල් රශිඩ් හා මාක් වුඩ් සමත්වූහ.
කොදෙව් ඉනිමේ අවසන් කඩුලු හතර එක් 47 පන්දුවාරය යොමුකළ අඩිල් රශිඩ් දවා ගැනීමට සමත්වූමත් සමගින් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණි. 47 වැනි පන්දුවාරයේ 2, 3,5,6 පන්දුවලදී අඩිල් කඩලු දවා ගැනීමට සමත්වූයේය.
තරග පහකින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස මේ වන විට එංගලන්තය ඉදිරියෙන් පසුවෙයි.
මෙම තරගයේ විශේෂිත අවස්ථා
එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ අවසන් පන්දු 10 තුළදී ලකුණු 154ක් රැස්කළ අතර එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අවසන් පන්දුවාර 10 තුළදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අතර දෙවැනි ස්ථානයට පත්විය.
එංගලන්ත පිතිකරුවන් මෙම තරගයේදි සිය ඉනිමේදී හයේ පහර 24ක් එල්ල කළ අතර එය එක්දින ඉනිමකදී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වෙයි.
බට්ලර් සිය ලකුණු 150 පන්දු 76කින් වාර්තා කළ අතර එය දෙවැනි වේගවත්ම ලකුණු 150 අතර දෙවැනි ස්ථානයට පත්විය.
මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් ඉයන් මෝගන් එක්දින ලකුණු 6000 පසුකර ගිය අතර එංගලන්ත පිතිකරුවෙක් ලෙස එක්දින ලකුණු 6000 පසුකළ පළමු පිතිකරුවා මෝගන් වෙයි.
බට්ලර් මෙම තරගයේදී හයේ පහර 12ක් වාර්තා කළ අතර එය එංගලන්ත පිතිකරුවෙක එක්දින ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වෙයි.
මෙම තරගයේදී කණ්ඩායම් දෙක හයේ පහර 46ක් එල්ල කළ අතර එය එක්දින තරගයේදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සිය එක්දින පිටියේ ලකුණු 10000 සීමාව පසුකළ අතර ලකුණු 10000 සීමාව පසුකළ 14 වැනි ක්‍රීඩකයා ක්‍රිස් ගේල් වෙයි.
මෙම තරගයේදී ක්‍රිස් ගේල් එල්ල කළ හයේ පහර 14ත් සමගින් එක්දින, ටෙස්ට් හා විස්සයි20 පිටියේ ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගියේය.