පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 4ට ලකුණු 129ක් රැස්කිරීමට සමත්විය. සුපුරුදු ලෙස ශ්‍රි ලංකා ඉනිමේ සාර්තක වූ නායක චමරි අතපත්තු පන්දු 50කදී හතරේ පහර 12ක් සමගින් ලකුණු 68ක් රැස්කිරීමට සමත්වූවාය.
ඊට අමතරව විශ්මි ගුණරත්න පන්දු 34කදී ලකුණු 35ක් රැස් කළාය. ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුනු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් පමණි. ඉනෝකා රණවීර පන්දුවාර 4දී ලකුනු 18ට කඩුුලු 3ක් බිඳ දැමුමාය.
තරගයේ වීරයා ලෙස නායක චමරි අතපත්තු සම්මාන ලැබුවාය. මෙම තරගය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන් 8402ක් එක්ව සිටියහ.
එය දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගයක් නැරඹීම වෙනුවෙන් පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වෙයි.