ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්කෝව හමුවේ ස්පාඤ්ඤය ලැබූ අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව ස්පාඤ්ඤ ප්‍රධාන පුහුණුකරුට මාධ්‍යයෙන් විවේචන ඒල්ල වෙමින් පවතියි.
ඒ් ඔහු තරගයට පෙර කණ්ඩායම පිළිබඳ අධිතක්සේරුවෙන් සිීටීම කණ්ඩායමේ පරාජයට ප්‍රධාන හේතුවන් වූ බව පවසමිනි. මෙම තරගයට පෙර ස්පාඤඤ පුහුණුකරු තහවුරු කර සිටියේ තරගයට සිය කණ්ඩායම හොඳ සූදානමක ඇත බවයි.
විශේෂයෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින් දඩුවම් පහර එල්ල කිරීමේදී විශේෂ පුහුණුවක් ලබාදීමට ක්‍රියා කළබවත්, ඔවුන්ට අවම තරමින් දඩුවම් පහර දහසක්වත් පුහුණුවන ලෙස තමන් උපදෙස් දුන් බවත්ය.
මෙම තරගයේදී නියමිත කාළය අවසන්වද්දී කණ්ඩායම් දෙකම ගෝල ලබා නොගැනීම නිසා ජයග්‍රාහකයින් තෝරා ගැණීම දඩුවම් පහර මගින් තීරණය වුවත්, එහිදී ස්පාඤ්ඤ මුල් ක්‍රීඩකයින් තිදෙනාම ඒල්ල කළ පහර අසාර්ථක විය.
කෙසේ වෙතත් මොරොක්කෝ ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකුම සාර්ථක ලෙස දඩුවම් පහර ඒල්ල කිරීම නිසා දඩුවම් පහර 3-0ක ජයක් මොරොක්කෝවට හිමීවිය.
මේ අතර මෙවර තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී එන්රික් නවක මුහුනු කෙරෙහි වැඩි අවධානයක් යොමුකීරීමද මෙහිදී කථාබහට ලක්වී ඇත. එහිදී ස්පාඤ්ඤය වෙනුවෙන් අත්දැකීම් වැඩිම පසුපෙළ ක්‍රීඩකයා ලෙසින් සැලකෙන සර්ජියෝ රාමෝස් මෙන්ම ස්පාඤ්ඤ මැන්චෙස්ටර් කණ්ඩායමේ දැල් රකින්නා වන ඩේවිඩ් ඩහියා ද ඔහු මෙවර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට කටයුතු කලේය.