පාකිස්ථානයේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්රීඩක හා හිටපු නායක වසීම් අක්රම්, තමා කළක් කොකේන් මත්ද්රදව්යන භාවිතයට හුරු වී සිටි බව පවසා ඇත. විදෙස් මාධ්යේයන් වෙත අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ කොකේන් භාවිතයට හුරුවීම හේතුවෙන් තමන් බෙහෙවින් දුර්වල වූ බවය
. කෙසේ වෙතත් තමන්ගෙ නැසීගිය බිරිඳ වූ හුමා සිය ඇබ්බැහියෙන් ගලවා ගැනීමට තමන්ට උදව් කළ බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය. 2003 ලෝක කුසලානයේදී පාකිස්ථානු කණ්ඩායම මූලික වටයෙන්ම ඉවත්වීමත් සමගින් අක්රමම්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර ඒ අනුව ඔහු කොකේන් භාවිතයට හුරුවී ඇති බව ඔහු දක්වා ඇත.
පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් කඩුළු 414 ක් හා එක්දින කඩුළු 502 ක් බිඳ හෙලා ඇති අක්ර්ම් ලොව බිහිවූ අග්රනගන්යක වේගපන්දු යවන්නෙකු ලෙසින්ද විචාරකයින් හඳුන්වති.