අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) වසරේ කණ්ඩායම් වල නායකත්වයන් හිමිකර ගැනීමට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, පාකිස්ථානයේ බාබර් අසාම් හා එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිවී ඇත. අයි.සී.සී.ය මගින් පසුගිය (2022) වර්ෂයට අදාළව වසරේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නම් කරන ලදී.
මෙහිදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට හිමිවද්දී එහි වැඩිම නියෝජනයක් ඔස්ට්‍රේලියාවට හිමිවීම විශේෂත්වයකි. ඒ ක්‍රීඩකයින් 4 කි. ඊට අමතරව එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක්, කොදෙව්, පකිස්ථාන, ඉන්දීය හා දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකු බැගින් ඇතුලත්ව ඇත.
වසරේ ටෙස්ට් කණ්ඩායම
උස්මාන් කවාජා (ඔස්ට්‍රේලියාව), ක්‍රේග් බ්‍රැත්වේට් (කොදෙව්), මානස් ලබුෂේන් (ඔස්ට්‍රේලියාව), බාබර් අසාම් (පකිස්ථානය), ජොනී බෙයාර්ස්ටෝ (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (නායක/එංගලන්තය), රිෂාබ් පාන්ට්, පැට් කමින්ග්ස්, කගීසෝ රබාඩා (දකුනු අප්‍රිකාව), නේදන් ලයන් (ඔස්ට්‍රේලියාව), ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
බට්ලර්
බාබර්
ස්ටෝක්ස්