ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වසර 92 කට පසු දඩුවම් පහරක් සාර්ථක කර ගත් එකම දැල් රකින්නා බවට පත්වීමට මෙක්සිකොවේ ගුලිමෝ ඔචෝවා සමත්විය.
ඒ පෝලන්තය සමගින් පැවති තරගයේදීය. මෙහිදී ඔහු විසින් රැක ගත්තේ ලොව දක්ෂතම ප්‍රහාරකයෙකු ලෙසින් සැලකෙන රොබට් ලෙවඩස්කිගේ ගෝලයක් වීම විශේෂත්වයකි.
ලෝක කුසලානයක මීට පෙර මෙක්සිකානු දැල් රකින්නෙකු ප්‍රතිවාදී දඩුවම් පහරක් සාර්ථකව වලක්වා ගත්තේ 1930 දී පැවති පළමු තරගාවලියේදී වීම විශේෂත්වයකි.
තරගයේ දෙවැනි අර්ධයේදී පෝලන්තයට මෙම අවස්ථාව සැලසිනි. මේ හේතුවෙන් තරගය කිසිදු කණ්ඩායමක් ගෝල නොලබා ජයපැරදුමින් තොරව අවසන්විය.
මේ සමගින් ලෙවඩස්කිට සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කිරීමට තවත් බලා සිටීමට සිදුවනු ඇත. තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය ලුසේලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරිම්හි මෙක්සිකෝව 13 වැනි ස්ථානයේත් පෝලන්තය 26 වැනි ස්ථානයේත් රැඳී සිටියි.
ඔචෝවා දඩුවම් පහර රැක ගනිමින්