ගාල්ල රිච්මන්ඩ් විදුහල ලකුණු 12කින් පරාජය කරශ්රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ (පළමු කාණ්ඩය) ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස ශා. තෝමස් විදුහල සමත් විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (09දා) පැවැත්විණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගල්කිස්ස ශා. තෝමස් විදුහල පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 261ක් රැස්කිරීමට සමත් විය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රිච්මන්ඩ් විදුහලට පන්දුවාර 49.1කදී සියලු දෙනා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 249ක් පමණි.
ශා. තෝමස් විදුහල පාසල් ක්‍රිකට් තරගාවලියේ එක්දින ශූරයන් ලෙස කිරුළු පැළඳුවේ වසර 17කට පසුව වන අතර, අවසන් වරට ඔවුහු 2002 වසරේදී ශූරයෝවූහ.
ශා. තෝමස් විදුහල 261/10 (පන්දුවාර 49.4)
යොහාන් පෙරේරා 124, රයන් ප්‍රනාන්දු 44, රවිඳු සිල්වා 21, අම්ෂි ඔරෙන් 3/58, චමත් ඩිල්සාර 3/49, දිමුත් සිරිවර්ධන 2/56
රිච්මන්ඩ් විදුහල 249/10 (පන්දුවාර 49.1)
ආදිත්‍ය සිරිවර්ධන 53, භානුක මනෝහර 51, සඳුන් මෙන්ඩිස් 49, කලණ පෙරේරා 2/39, තෙවින් ඊරියගම 2/46, යොහාන් පෙරේරා 1/35