වසර 10කට පසුව එංගලන්තයේදී එංගලන්තය පරදවමින් ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ එංගලන්තය සමගින් පවැත්වූ තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.
තරගයේ ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් වැය කර එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ශ්‍රි ලංකා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත්විය. ඒ පන්දු 123කිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් ඇතුළත් විය.
මෙම ලකුණු සංඛ්‍යාව පැතුම්ගේ ටෙස්ට් දිවියේ ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට එංගන්තයේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කර තිබුණේ 2014 වසරේදීය.
ශ්‍රී ලංකා අතුරු පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය යටතේ ක්‍රීඩා කළ තරගාවලි දෙකේදීමශ්රී ලංකාව සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
ඒ ඉන්දීය කන්ඩායමට එරෙහිව ලබාගත් එක්දින තරගාවලි ජය හා මෙම ටෙස්ට් තරග ජයග්‍රහණයයි.