වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩ, ඊයේ (04දා) ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ පසුගිය යහපාලන රජය සමයේ සංවර්ධන කටයුතු ආරම්භ කළත්, වැඩ අවසන් නොකිරීම නිසා, මාතලේ ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවට පත්විය. තමන්ට ක්‍රීඩා කිරීමට තිබූ එකම ක්‍රීඩාංගණය මෙසේ වසර ගණනාවක් තිස්සේ වැඩ නිම නොකිරීම සම්බන්ධයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා සංගම් ඇතුළු පිරිස් නව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම වැඩ ආරම්භ කිරීම සිදුවිය.
මෙම ප්‍රතිපාදන මගින් බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ මංතීරු සහ අනෙකුත් පහසුකම් ඇති කිරීමටත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවන් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීමටත් තමා නිරන්තරයෙන් කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
මෙම ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්, මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ සෟජු අධීක්ෂණය යටතේ, මාතලේ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව සිදුකිරීමට නියමිතය.
ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්. ප්‍රකාශ්, නාගරික කොමසාරිස් එම්.යූ නිශාන්ත, නාගරික ඉංජිනේරු සම්පත් ජයනෙත්තිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාතෙල් මෙහ්ෂ් කීර්තිරත්න