කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන ක්රීඩිකාවන 600දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී අදියර දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි.පලමු අදියර මාර්තු 14 වන දින සිට 22 දක්වාත් දෙවන අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණේ කවුඩුල්ල මැදිරිගිරිය වෑවල කන්ඩලම සීගිරිය මහවිල්ගමුව ප්‍රදේශ ආශ්‍රිතව මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි. පලමු අදියරයට තරගකාරිනියන් 253ක් සහ කාර්ය මණ්ඩලය 63ක් සහභාගී වේ. දෙවන අදියර සඳහා සහභාගී වන තරඟකාරිනියන් සංඛ්‍යාව 216කි. කාර්ය මණ්ඩලයේ 63ක් ඊට ඇතුලත් වෙති. කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍යවරුන් 06 දෙනෙක් සැපයුම් කාර්ය මණ්ඩලය ගලවාගැනීම් පිහිනුම් ක්‍රීඩකයින් ඡායාරූප සහ වීඩියෝ ශිල්පිහුද ඇතුලත් වෙති.
Raid Amazone යනු ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා තරඟමාලාවකි. දිවීම ඔරු පැදීම මවුන්ටන් බයිසිකල් පැදීම, සිතියම් සහ මාලිමාවක් ආධාර කර ගිනිමින් රළු මාවතක් හරහා පයින් යෑම, දුන්නෙන් විදිම වැනි ක්‍රීඩා රැසක් ඊට ඇතුලත් වේ. මෙවර තරඟාවලියේ සත්කාරක ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් කටයුතු කරයි. මෙවර තේමා නිරූපකය වන්නේ සීගිරියයි.
සීගිරිය බලකොටුවෙහි ආවේණික විශේෂාංග ඉස්මතුකරමින් විශේෂ නිල ඇදුමක් ද මේ සඳහා නිර්මාණය කර තිබේ. තරගාවලිය සදහා සහභාගී වන විදෙස් ක්‍රීඩිකාවන් මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් යානයක් අලංකරණය කර ඇත.