ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීම් අනුව මාස 24ක් තුළ සෘණාත්මක ලකුණු 5ක් රැස්කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකවෙිස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා තිබේ.
මේ අනුව හසරංගට ලබන මාසයේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වන විස්සයි20 තරගාවලියේ පළමු තරග දෙකම අහිමි වෙනු ඇත.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැති තෙවැනි තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් විවේචනාත්මකව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පැනවීමට ආස්නතම හේතුව වී තිබේ.