ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් (Eliminator) අද (25දා) රාත්‍රී 7.30ට කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු තෙවැනි ස්ථානය හිමිකරගත් ලක්නව් සුපර් ජයන්ට්ස් හා සිවුවැනි ස්ථානය හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර මෙම තරගය පැවැත්වේ.
මෙහිදී ලක්නව් වෙනුවෙන් දුෂ්මන්ත චමීරද, බැංගලෝර් වෙනුවෙන් වනිඳු හසරංගද ක්‍රීඩාකරන අතර, ඔවුන්ගෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් සටනට දොරටු විවර කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට (Qualifier -2) ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වේ. එම තරගය අනිද්දා (27දා) අහ්මදාබාද්හිදී පැවැත්වේ.
මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ගුජරාට් ටයිටන්ස් හා එම සටහනේ දෙවැනි ස්ථානයට පත් රාජස්ථාන් රෝයල්ස් අතර අවසන් තරගයට පිවිසෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier -1) ඊයේ (24දා) කොල්කටාහිදී පැවැත්විණි. මින් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, පරාජිත කණ්ඩායමට අද පැවැත්වෙන ඉවත්ව යෑමේ (Eliminator) තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග නැවත තරග වැඳීමට අවස්ථාව හිමිවේ. ඉන් ජය ගන්නා කණ්ඩායම මේ මස 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ලබයි.