වනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා දී නොමැති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියි.
ඔවුන් දෙදෙනොගෙන් කිසිවෙකුත් ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගැනීමක් සිදු කර නොමැති බවත්, IPL තරගාවලියට ඔවුන් තෝරා ගෙන ඇති බවට ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් දැනුවත්ව නොමැති බවත් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර සිටියි.
“මම දන්නේ නැහැ, මට පරීක්ෂා කරන්න සිදු වෙනවා. මෙම මාසය අවසන් වන තුරු අපි ඉන්නේ රට වසා දැමීමක් තුළයි...අපි තවමත් කිසිදු තීරණයක් ගෙන නැහැ. ඔවුන්ට සිද්ධවෙනවා අවසර ගැනීම සදහා අයදුම් කරන්න. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ගැන අපි දැනුවත් වීමක් වෙලා නැහැ, ඔවුන් අපෙන් අවසර ඉල්ලා නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.