ලෝක පාපන්දු සම්මේලනය (FIFA) මගින් මේ වනවිට පාපන්දු ක්‍රීඩාව සඳහා ආදේශ කර ඇති නව නීතිවලට දකුණු ඇමෙරිකානු පාපන්දු සංගමය විරෝධය දක්වා තිබේ.
දකුණු ඇමෙරිකානු පාපන්දු සන්ගමයේ සභාපති ඇලෙජැන්ඩ්රෝ ඩොමින්ගස් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ කෝවිඩ් -19 වසංගතයෙන් අනතුරුව පාපන්දු ක්‍රීඩාව නැවත ආරම්භ වන විට ආදේශක (Substitutes) පහකට ඉඩ දීම සඳහා ෆීෆා මගින් ගත් තීරණය පිළිබඳව තමා පුදුමයට පත්වන බවයි.
“මෙම කාල පරිච්ඡේදයෙන් පසු පාපන්දු ක්‍රීඩාව නැවත ආරම්භ වනවිට එක් කණ්ඩායමකට උපරිම ආදේශක පහක් ලබා දීමට ඉඩ සලසන නව රීතිය පිළිබඳව අප පුදුමයට පත්වෙනවා. එහෙයින් අපගේ සම්මේලනය සමග සාකච්ඡා නොකළ මෙම පියවර ගැන අපගේ කවුන්සිලය වෙත විශ්ලේෂණයන් හා නිගමන විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වනවා. එහිදී අපි මෙම නව නීති දකුණු ඇමරිකාවේ තරගාවලි සඳහා සම්මත කර ගත යුතුද යන්න තීරණය කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඩොමින්ගස් වැඩිදුරටත් පවසා තිබේ.
පසුගිය සිකුරාදා (08දා) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කොවිඩ්-19 වෛරස් වසංගතය හේතුවෙන් පාපන්දු ක්‍රීඩාව සඳහා තාවකාලික සංශෝධනයක් ගෙන ඒමට එකඟ වූ අතර, එක් කණ්ඩායමකට උපරිම ආදේශක පහක් ලබාගත හැකි යෝජනාව එහිදී ඉදිරිපත් කෙරිණි. 2020 දෙසැම්බර් 31 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති තරග සඳහා මෙම නීතිය හඳුන්වා දීමට නියමිතය.