මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටය දින 12 ක් පුරා කටාර් හි ක්‍රීඩාංගණ 8 කදී පැවැත්විණ. මේ එහි මතකය නැවතත් අවුස්සා බැලෙන ඡායාරූප පෙලකි.
ඉරාන ක්‍රීඩකයින්ගේ අභීත සංඥාව
මෙවර තරගාවලියේ බී කාණ්ඩයේ එංගලන්තය සමගින් පැවති තරගයට පෙර ඉරාන ක්‍රීඩකයින් සිය ජාතික ගීය ගායනා කිරිමෙන් වැලකුණහ. ඒ් තම රටේ සිදුව කාන්තා අයිතිවාසිකය් උල්ලංඝණය කිරීමට විරෝධය දක්වමින්. සිය රටට විරෝධය දැක්වීම දැලි පිහියෙන් කිරි කෑමක් මෙන් වුවද ඉරාන ක්‍රීඩකයෝ අභීතව සිය පණිවුඩය වෙනුවෙන් පෙනී සිටියහ.
ඒකට ගැටුම
තරගාවලියේ බී කාණ්ඩයේ එංගලන්තය හා ඉරානය අතර පැවති තරගයේදී ඉරාන දැල් රකින්නා වන අලිරේසා බෙයින්වාර්ඩ් සිය කණ්ඩායම් සඟයෙකු හා මුහුණට මුහුණ ගැටීමන් ආබාධයකට පත්විය. මෙම ගැටුම කැමරා කාචයේ සටහන්වී තිබුනේ මෙසේයි.
දීර්ඝ අතිරේක කාළයන්
පාපන්දු ක්‍රීඩාවන්හි පළමු හා දෙවැනි අර්ධයන්හි නියමිත කාළය අවසන්වීමෙන් පසුව තරගය තුළ අපතේ යන කාළයන් ආවරණය කිරිමට අතිරේක කාළයක් ලබාදීම සාමාන්‍ය කරුණකි. සාමාන්‍යයෙන් එය මිනිත්තු 5 ක් හෝ 6 ක් වුවත්, මෙවර තරගාවලියේදී වඩා වැඩිපුර අතිරේක කාළයන් ලබාදීමට ක්‍රියා කිරීමට විනිසුරුවන් තීරණය කර තිබිණ. පිටියේ ක්‍රිඩා කරන කණ්ඩායම දෙකටම අවාසියක් නොවන අයුරින් තරගය ක්‍රියාත්මක කිරීමට මෙම ක්‍රමය අත්හදා බැලිණි.
තරගාවලියේ තහනමට ලක්වූ අත් පළඳනාව
මෙවර තරගාවලියේදී කටාර් රාජ්‍යය තුළ වූ දැඩි නීතිරීති පද්ධතිය, බොහෝ විචාරකයින්ගේ, ප්‍රේක්ෂකයින්ගේ හා ක්‍රීඩකයින්ගේ විවේචනයට ලක්විය. දැඩි ආගමික නීතිරීති මත පාලනය වන කටාර් රාජ්‍යය තුළට පැමිනෙන සියළුම දෙනාට සමලිංගිකත්වය තහනම් කිරීමට ඔවුන් ක්‍රියා කළහ. නමුත් මෙම තත්වය මානව හිමිකම් පිළිබඳ කථාබහ කරන යුරෝපානු රාජ්‍යයන්හි දැඩි විවේචනයට ලක්වූ අතර එයට විරෝධය පා දේදුනු වර්ණයෙන් යුත් අත්පළඳනාවක් පැළඳමට එංගලන්ත කණ්ඩායමේ නායක හැරී කේන් ක්‍රියා කලේය. නමුත් පසුව මෙය තහනම් කළ අතර මෙය පළඳින ක්‍රීඩකයින්, තරග නීතිරීති කඩකලා යැයි සැලකෙන බව සංවිධායකයින් නිවේදනය කලේය.
ප්‍රභලයින් උඩුකුරු කළ දුබලයෝ
තරගාවලිය ආරම්භ කරන විට බොහෝ දෙනෙකු අවසන්මහා තරගයට පැමිණෙතැයි බලාපොරොත්තු වූ කණ්ඩායම් අතර ආර්ජන්ටිනාව ඉදිරියෙන්ම පසුවිය. නමුත් පළමු තරගයේදීම ඔවුන්ගේ බලාපොරොත්තු උඩු යටිකුරු කළ සෞදි අරාබි ක්‍රීඩකයෝ ගෝල 2-1 ක් ලෙස ඔවුන් පරාජයට පත් කිරීමට සමත්විය. මෙම සුවිශේෂි ජයග්රහණයෙන් පසුව ඔවුන් සතුටු වූ ආකාරය ඡායාරූපයේ දැක්වේ. නමුත් ආර්ජන්ටිනාව ඉතිරි තරග දෙකම ජයගෙන දෙවැනි වටයට පිවිසෙද්දී සෞදි අරාබියට දෙවැනි වටයේ දොරගුළු වැසිණි.
ලෙවඩොස්කිගේ කල්ගිය බලාපොරොත්තුව
මෙවර තරගාවලිය ආරම්භයේදීම තරගාවලියේ කැපී පෙණෙන ඉදිරිපෙළ ක්‍රීඩකයින් අතර පෝලන්ත නායක රොබට් ලෙවඩොස්කි රැඳී සිටියහ. අතිශය දක්ෂ ප්‍රහාරක ක්‍රීඩකයෙකු වූ ලෙවඩොස්කි අන්තර්සමාජ මට්ටමින් අති දැවැන්තයෙකු වුවද මෙවර ලෝක කුසලානයට පැමිණෙන විට ඔහුට එක් අරමුණක් සාක්ෂාත් කරගෙන නොතිබිණ. ඒ් ලෝක කුසලාන තරගාවලියකදී ගෝලයක් වාර්තා කිරීමයි. නමුත් පළමු තරගයේදීම ඔහුට එය සාක්ෂාත් කිරීමට ලැබුණු පහසු අවස්ථාවක් ගිලිහී ගියේ මෙක්සිකෝ කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක ගුලිමෝ ඔචෝවාගේ දක්ෂ දැල් රැකීම නිසාවෙනි.
ජර්මනියේ විරෝධය
ලෝක කුසලානයේ ප්‍රභල කණ්ඩායමක් වූ ජර්මනිය මෙවර තරගාවලියේ සහභාගි වූ පළමු තරගයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටින විට අපූරු ක්‍රියාවක් කලේය. ඒ කණ්ඩායමේ සියළුම සාමාජිකයින් සිය අතින් මුව වසා ගැනීමයි. මෙවර පාපන්දු ලෝක කුසලානය තුළදී නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීමට කළ විරෝධයක් ලෙස ඔවුන් මෙම ක්‍රියාව හැඳින්විය.
පිටියේ දක්ෂයින් මෙන්ම ක්‍රීඩාගාරයේද මහත්වරුන් වූ ජපනුන්
මෙවර තරගාවලියේදී ජපාන ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූයේ තම කණ්ඩායම සහභාගි වන සෑම තරගයක් අවසානයේදීම මෙන්ම සිය කණ්ඩායම සහබාගි නොවූ තරගාවලියේ පළමු තරගය වන කටාර් හා ඉක්වදෝරය අතර තරගය නිමාවීමෙන් පසුවද ඔවුන් විසින් ක්‍රීඩාගාරයේ ඇති කසල එකතු කරගෙන ගොස් කසල බඳුන් වලට දැමීමට ක්‍රියා කිරීමයි. මෙවර තරගාවලියේදී ප්‍රභල ජර්මනිය මෙන්ම ස්පාඤ්ඤයද පරදා දෙවැනි වටයට සුදුසුකම් ලැබූ ජපානය ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණයක් පමණක් නොවී සිය මහත්මා ගතියද පෙන්නුම් කලේ මේ අයුරිනි.
නේමාර්ගේ ආබාධය
මෙවර තරගාවලියේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ ක්‍රීඩකයින් තිදෙනා අතරින් කෙනෙකු වූයේ බ්‍රසීල ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර්ය. ඒ් ඔහුට බ්‍රසීලයෙන් බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා වූ පේලේගේ වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාව අබිබවා යාමට තිබුනේ තවත් ගෝල දෙකක් වීම නිසාය. නමුත් ඔහු තරගාවලියේ සර්බියාව සමගින් සහභාගි වූ පළමු තරගයේදී වළලුකර ආබාධයකට ලක්විය. ඒ් නිසාම ඔහුට මූලික වටයේ ඉතිරි තරග දෙකද අහිමිවිය.
රිචාලිසන්ගේ කරණම් ගෝලය
තරගාවලියේ මූලික වටයේදී වාර්තා වූ දර්ශණීයම ගෝලය ලෙස බොහෝ දෙනෙකු හැඳින්වූයේ බ්‍රසීල ඉදිරිපෙළ ක්‍රීඩක රිචාලිසන් විසින් සර්බියාවට එරෙහිව වාර්තා කළ ගෝලයයි. මෙහිදී කරණමක් ආධාරයෙන් ගෝලය ප්‍රතිවාදී දැලතුලට යැවීමට රිචාලිසන් සමත්වීම කැපී පෙනින.
පාපන්දු පිටියට පැන්න ප්‍රේක්ෂකයා
ජාත්‍යන්තර ක්‍රීඩා තරග වලදී ප්‍රේක්ෂකයෙකු හෝ දෙදෙනෙකු අනවසරයෙන් ක්‍රීඩා පිටියට ඇතුල්වීම සාමාන්‍ය දෙයක්වුවද මෙවර තරගාවලියේ එය මුලින්ම සිදුවූයේ පෘතුගාලය හා උරුගුවේ අතර තරගයේදීය. එහිදී දේදුණු වර්ණ කොඩියක් රැගත් ප්‍රේක්ෂකයෙකු පිටිය මැදට පැමිණියේ ‘යුක්රේනය බේරාගන්න’ හා ‘ඉරාන කාන්තාවන්ට ගරු කරන්න’ යන පණිවුඩය හැඳගත් ටී- ෂර්ටයක් සමගිනි. මෙම ප්‍රේක්ෂකයා අල්ලා ගැනීමෙන් අනතුරුව ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගැනුනද ඔහුව රටින් පිටමං කිරිමට ක්‍රියා කළ බව කටාර් පාලනාධිකාරිය පැවසීය.
මෙසී පාලනය කළ වීරයා - වොජෙච් ස්ටෙන්ස්නි
තරගාවලිය ආරම්භයේදී බොහෝ කණ්ඩායම් වල දැල් රකින්නන්ගේ බියකරු සිහිනයක්වූයේ තරගාවලියේ සුපිරිම ඉදිරිපෙළ ක්‍රීඩකයින් වූ මෙසී හා රොනාල්ඩෝගේ දඩුවම් පහරකට මුහුණදීමයි. ලොව සුපිරිම ඉදිරිපෙළ ක්‍රීඩකයින් වූ ඔවුන්ගේ පහරේ ඇති විශ්වාසනීයත්වයම ඊට හේතුවයි. නමුත් මෙවර තරගාවලියේ පෝලන්තය හා ආර්ජන්ටිනාව අතර පැවති තරගයේදී මෙසී විසින් එල්ලකළ දඩුවම් පහරක් සාර්ථකව වැලැක්වීමට පෝලන්ත දැල් රකින්නා වල වොජෙච් ස්ටෙන්ස්නි සමත්විය. ලොව ප්‍රභලම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නාද වන වොජෙච් මෙම දඩුවම් පහර එල්ලවීම පෙර සංසුන්ව ඒයට සූදානම් වූ අයුරුද කැපී පෙණින. කෙසේ වෙතත් මෙම තරගය ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට පෝලන්තය සමත්විය.
කාන්තාවන්ට සමතැන
මෙවර තරගාවලියේදී ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් විනිශ්චය කිරීමට විනිසුරුවරියක් යොදාගැනීම කැපී පෙණින. ප්‍රංශ ජාතික ස්ටෙෆනී ෆ්රැපාට්ට මෙම අනගි අවස්ථාව හිමිවූයේ ජර්මනිය හා කොස්ටාරිකා කණ්ඩායම් අතර පසුගිය සිකුරාදා පැවති පළමු වටයේ තරගයේදීය. ෆ්රැපාට්ට අමතරව බ්‍රසීලයේ නෙවුසා බැක් හා මෙක්සිකෝවේ කරේන් ඩයස්ද මෙම තරගාවලියට විනිසුරුවරියන් ලෙස පත් කරනු ලැබ තිබිණ.
බෙල්ජියමත් සමගම ගසාගෙන ගිය ලුකාකුගේ කඳුළු
මෙවර තරගාවලියේ බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් වූ බෙල්ජියම තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට යාම කැපී පෙණින. වත්මන් ලෝක ශ්‍රේණිගත කිරිම්හි අංක දෙක ස්ථානයේ පසුවුවද මෙවර තරගාවලියේදී අවාසනාවන්ත වූ ඔවුන් මොරොක්කෝව හමුවේ පරාජයට පත්වීම නිසා දැඩි අර්බුදයකට ලක්විය. නමුත් මූලික වටයේ අවසන් තරගය වූ ක්‍රොයේෂියාවට ඒරෙහි තරගය ජයගත්තේ නම් දෙවැනි වටයේ බලාපොරොත්තු දල්වා ගැනීමට ඔවුන්ට අවස්ථාව තිබුණත් ඒය ගිලිහී ගියේ ඉදිරිපෙළ ක්‍රීඩක රොමේලු ලුකාකුට ලැබුණු පහසු ගෝල අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැණීමට ඔහු අසමත්වීම නිසාය. තරගයෙන් අනතුරුව ඔහු දැඩි ලෙස ඒ පිළිබඳ හැඟීම්බර වනු දක්නට ලැබිණ.
ජර්මනිය අවාසනාවන්ත කළ ජපනාගේ මතභේදාත්මක ගෝලය
2014 වර්ෂයේ ලෝක කුසලාය දිනා ගැනීමෙන් පසු 2018 වර්ෂයේදී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවූ ජර්මනිය, මෙවරද දෙවැනි වටයට යාමට අසමත්විය. ඒ ජපානය හමුවේ ස්පාඤ්ඤය ලැබූ ගෝල 2-1ක පරාජයත් සමගිනි මෙහිදී ජපානය විසින් වාර්තා කළ දෙවැනි ගෝලය, පිටියේ සීමා ඉරෙන් ඉවතට යාමෙන් පසු වාර්තා කළ ගෝලයක් ලෙසට දැඩි මතභේදයට තුඩු දුන්නත් පසුව විනිසුරුවන් විසින් එය නිවැරදිව ලබාගත් ගෝලයක් ලෙස සංඥා කරන ලදී.
පුරාවෘත්තයක නික්ම යාම - තෝමස් මුලර්
සිව්වරක් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ජර්මනිය බිහිකළ අතිදක්ෂ ක්‍රීඩකයින් අතරට ඉදිරිපෙළ ක්‍රීඩක තෝමස් මුලර්ටද අනිවාර්යයෙන්ම ඇතුලත්වනු ඇතිබව විචාරකයින්ගේ මතයයි. ලෝක කුසලානයක ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ක්‍රීඩකයෙකු මෙන්ම ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමක සාමාජිකයෙකු වීමද ඔහු වෙත හිමිවී ඇති දුර්ලභ වාර්තා කිහිපයකි. නමුත් මෙවර තරගාවලියේදී පළමු වටයෙන්ම ජර්මනිය ඉවතට යාමත් සමගින් මුලර්ද ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනු ඇතැයි බොහෝ විචාරකයින් මතපළ කරති.