2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24දා) පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපේක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
අද නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදි අමාත්‍යවරයා ඒ බව පැවැසීය.
පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් අද උදැසන නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලය වෙත පැමිණි අදාල පැමිණිල්ල සටහන් කරගෙන ඇත.
මෙම මාධ්‍යය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ තමන් කළ පැමිණිල්ල පිටු හයකින් සමන්විත වන බවත් , එම පැමිණිල්ලට අදාළ ලියකියවිලි අටක්ද පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත භාර දුන් බවයි.
ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද ඇතුළත් බවත්, මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට විශේෂ ලිපියක් එවා තිබූ බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.