ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්මහා තරගයට පෙර කුසලානය නිරාවරණය කිරීමට විශේෂ අමුත්තියකට ආරාධනා ලැබ තිබිණ.
ඒ් සුපිරි බොලිවුඩ් තාරකා දීපිකා පදුකෝන්ටයි. පදුකෝන් සමගින් මෙම අවස්ථාවට 2010 වර්ෂයේ ලෝක කුසලානය දිනූ ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ නායක ඉකර් කැසිලස්ද එක්වී සිටියේය.
මේ සමගින් පාපන්දු ලෝක කුසලානයක් නිරාවරණයට එක්වූ පළමු ඉන්දීය ජාතිකයා ලෙසින් පදුකෝන් ඉතිහාසගතවිය.
පදුකෝන් මෙම අවස්ථාවට තෝරාගැණීමට මූලික හේතුව වී තිබුනේ ඇය ප්රංශයේ සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදකයෙකු වන ‘ලුවී විටෝන්‘ සමාගමේ ගෝලීය සන්නාම තානාපති ධුරයක් දැරීම හේතුවෙනි.
මෙම සමාගම අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) සමගින් 2010 වර්ෂයේ පටන් අත්වැල් බැඳගෙන තිබුණත් එය එතරම් ප්රසිද්ධියට පත්වී නොතිබිණි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී කුසලානය නිරාවරණයට පෙර එය බලා තිබූ විශේෂ මංජුසාවෙහි නිර්මාපකයාද වූයේ ලුවී විතෝන් ආයතනයයි.
ඉකර් කැසිලස් (වමේ) හා දීපිකා පදුකෝන්