එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා පත්වීමට නියමිතව ඇත. ඔස්ට්‍රේලියානු ජාතික බේලිස් හා එංගලන්ත කණ්ඩයාම සමග වන කොන්ත්‍රාත්තුව එළඹෙන අළු බඳුන තරගාවලියෙන් අනතුරුව අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු මෙම නව තනතුර භාර ගැනීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුවය.
එංගලන්තයට මෙවර ලෝක කුසලානය දිනා ගැනිමට මග පෙන්වා දුන් බේලිස්, අයි.පී.එල්. හි පුහුනුකරුවෙකු ලෙස වැඩභාර ගන්නා පළමු අවස්තාව මෙය නොවන අතර මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇත. එහිදී එම කණ්ඩායමට දිනූ ශූරතා ද්විත්වයේදීම (2012,2014) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බේලිස් ක්‍රියා කලේය. කළක් ශ්‍රී ලංකා කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ බේලිස් ශ්‍රි ලංකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 2 ස්ථානය දක්වා ඉහළ නැංවීමට මග පෙන්වූ අතර ඊට අමතරව 2011 වර්ෂයේ ලෝක කුසලාන අවසන් තරගය දක්වා කණ්ඩායම ගෙන ඒමටද කටයුතු කලේය.
ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පුහුණුකාරීත්වය දරණ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර අයි.පී.එල්. තරගාවලියේදී තරමක දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් අවසන් පූර්ව වටයෙන් ඉවත් විය.