මෙවර ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට ලැබුණු ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කර ඇත. මෙවර තරගාවලියේදී ජයග්‍රාහකයින් අතර ඇ.ඩො. මිලියන 5.6 (රු. කෝටි 205) ක මුදලක් බෙදාදීමට නියමිතය
ඒ අතරින් තරගාවලියේ ජයග්‍රාහකයින් එංගලන්ත කණ්ඩායමට ලැබුණු තෑගි මුදල් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ලෝක කුසලානය දින්නාට පමණක් ඔවුන්ට ලැබුනු සමස්ථ තෑගි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.6 (රුපියල් කෝටි 58.7) ක් වේ. කෙසේ නමුත් සුපිරි 12 දෙනාගේ වටයේ එක් ජයග්‍රහණයක් වෙනුවෙන් ඇ.ඩො. හතලිස්දහසක (රු. එක්කෝටි පනස්ලක්ෂයක් පමණ) බෝනස් මුදලක් ලැබීමට නියමිතය. සුපිරි 12 දෙනාගේ වටයේදී එංගලන්තය තරග 3 ක් ජයග්‍රහණය කළ අතර ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා මුදලින් හාරකෝටි පනස්ලක්ෂයක පමණ බෝනස් මුදලක් ලැබීමට නියමිතය. මේ අනුව එංගලන්තයට ලෝක කුසලානයේදී ලැබුණු ත්‍යාග මුදල පමණක් රුපියල් කෝටි 63 ක් පමණ වේ.
මෙහිදී තරගාවලියේ අනුශූරයින් වූ පාකිස්ථානයට අනුශූරතාව වෙනුවෙන් ඇ.ඩො. ලක්ෂ 8 (රු. කෝටි 29.3) ක මුදලක් ලැබුණු අතර ඔවුන් මූලික වටයේදී ජයග්‍රහණ 3 ක් ලැබීම නිසා ශ්‍රී ලංකා මුදලින් තවත් රු. හාරකෝටි පනස්ලක්ෂයක පමණ මුදලක් ලැබීමට නියමිතය. ඒ අනුව ඔවුන්ට ලැබීමට නියමිත සමස්ථ ත්‍යාග මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 33කට අධිකය.
මේ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ ලැබෙන ත්‍යාග මුදල පමණක් සැලකූ විට ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයේදී ලබා ගත් ජයග්‍රහණ දෙක සඳහා ලැබුණු බෝනස් මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි තුනක් පමණ වේ. ඊට අමතරව ඔවුන් සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරගයද ක්‍රීඩා කළ අතර එහි එක් තරගයක ජයග්‍රහණයක් සඳහා ඔවුන්ට ඇ.ඩො. හතලිස්දහසක (රු. එක්කෝටි පනස් ලක්ෂයක) මුදලක් ලැබීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව තරග 3 කින් 2 ක් ජයග්‍රහණය කළ අතර ඊට අමතරව සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත්වූ කණ්ඩායමකට ඇ.ඩො. 70000 (රු. දෙකෝටි පනස්හත්ලක්ෂයක) මුදලක් ලැබීමට නියමිතය. ඒඅනුව ඔවුන්ට සමස්ථ රුපියල් කෝටි 8කට අධික මුදලක් ත්‍යාග වශයෙන් පමණක් ලැබීමට නියමිතය.