ඉන්දියාවත් සමග පැවැත්වෙන තරගය ජය ගනිමින් ලෝක කුසලානය ජයකින් අවසන් කිරිම සිය බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.
මෙම තරගය ලසිත් මාලිංගගේ එක්දින ලෝක කුසලාන අවසන් තරගය වන්නේදැයි මාධ්‍ය වේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිමුත් පැවැසුවේ මාලිංග ඒ පිළිබඳව මේ දක්වා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි.
“ඉන්දියාව එක්ක තරගයක් කියන්නේ ලේසි තරගයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රීඩා කරන්න ඕන.
ඔවුන් එක්ක පොඩි අත්වැරදීමක්වත් කරන්න බෑ. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඔවුන් සමග අපි ජයගෙන තිබෙනවා.
මේ තරගය දිනලා අපි හොඳින් ලෝක කුසලානය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
අපේ පන්දු යවන්නන් ගොඩක් හොඳට කරලා තිබෙනවා. මාලිංග, ණුවන් ප්‍රදීප්, සුරංග හොඳින් කරලා තිබෙනවා. ඒ අය නිසා තමයි අපි දිනපු තරගත් දිනුවේ.”
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.