කණ්ඩායමේ සෑම දෙනෙකුම තැනට සුදුසු විදිහට ක්‍රීඩා කරවන බවත්, එවිට ඕනෑම ක්රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය පිළිබඳව ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැතිව්ස්,
"පුහුණුකරු වගේම කණ්ඩායමේ සෑම ක්රීඩකයෙකුම නම්‍යශීලියි. තැනට සුදුසු විදියට ඒ ඒ ක්‍රීඩකයාව ක්‍රීඩා කරවන මානසිකත්වයෙන් ඉන්නේ. අපි එවැනි දේවල් කළාම ඕනෑම ක්රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ කරනකොට වඩාත් සුදුසු දේ අපි කරන්න ඕන.
අපේ තණතිලි කියලා දකුණු අප්රිකානුවන්ව ලේසියට ගන්න බැහැ. ඔවුන් පළපුරුදු, අත්දැකීම් තිබෙන ක්‍රීඩකයන්. ටෙස්ට් තරගාවලියෙනුත් ඔවුන් දේවල් ඉගෙනගෙන ක්‍රීඩා කරනවා. අපි පළමු තරගය හොඳින් ක්‍රීඩා කළේ නැහැ. ඒක පිතිකරණ අංශයෙන් සිදු වූ අඩුපාඩුවක්. නමුත් ඒදේ හැමදාම වෙන්නේ නැහැ.
ලැබෙන තණතීරුව කුමක් වුවත්, අපි උපරිමයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පසුගිය තරග කිහිපයේදීම හොඳට ක්‍රීඩා කරලා නැහැ. ඒ දේ මේ තරගයේදී වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
හෙට (අද) තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තවම තීරණය කරලා නැහැ. එකම දේ තමයි ළහිරු කුමාරගේ ඇඟිල්ල පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වුණා. ඒක තමයි සිදුවන එකම වෙනස්කම. ඒ වගේම වරින්වර වැස්සත් ඇති වුණා (ඊයේ පස්වරුවේ). ඒ සියලු දේවල් හිතේ තියාගෙන තමයි කණ්ඩායම තෝරා ගන්නේ" යනුවෙන් අවසන් වශයෙන් පැවසීය.