ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ යලිත් හදිසියේ රෝගාතුර වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇතිවූ ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත්, මේ වන විට ඔහු බ්‍රසීලයේ සාවෝ පෝලෝ වල රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.
කෙසේ වෙතත් ඔහුගේ තත්වය ස්ථාවර බවත්, ඔහු මේ වනවිට සුවඅතට හැරෙමින් පවතින බවත්, විදෙස් ආරංචි මාර්ග මගින් වැඩිදුරටත් දැක්වේ.
බ්‍රසීලය වෙනුවෛන් විශිෂ්ඨ දක්ෂතා දක්වා ඇති පේලේ 1958, 1962 හා 1970 යන ලෝක කුසලාන ත්‍රිත්වයම බ්‍රසීලයට ගෙන ඒමට සිය පාදයෙන් දාකයත්වය දක්වා ඇත.
එමෙන්ම ලෝක පූජිත ක්‍රීඩකයින් බිහිකල බ්‍රසීලය වෙනුවෙන් අන්තර්ජාතික පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභියා (77) ගේ වාර්තාවද ඔහු හොබවන්නේ වසර 50කටත් අධික කාළයක සිටයි.
ඔහු මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවේ. පසුගිය කාළය පුරාම සෞඛ්‍ය තත්වයේ තරමක අයහපත් තත්වයකින් සිටි පේලේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උදරයේ ශල්‍යකර්මයකටද මුහුණ දුන්නේය.