තමන් ශාරිර යෝග්‍යතාවයේ යහපත් ලෙස සිටියද ලෝක කුසලාන කණ්ඩායමට නම් කර නොමැති බව ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක පවසයි. මාතර, මිරිස්ස ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසිය.
‘‘ මම හිතන්නේ මගේ ශරිරයෝග්යතාවයේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම අන්තිමට කණ්ඩායමට කි‍්‍රඩා කරපු තරග වලත් කි‍්‍රඩා කරා, ක්‍රීඩා සමාජවලත් මම කි‍්‍රඩා කළා.
ඒ නිසා මගේ ශරිරයෝග්යතාවයේ ප්‍රශ්නයක් නැහැ. නමුත් තේරීම් කමිටුව තමයි අවසාන තාරණය ගන්නේ. මේ නම් කරපු කණ්ඩායම හොඳයි කියලා ඔවුන් හිතන්න ඇති. අපි එයට අවනත වෙන්න ඕන.
ඒ වගේම නව නායක දිමුත් එස්. එස්. සී. කණ්ඩායමේ කි‍්‍රඩා කරන හොද කි‍්‍රඩකයෙක්, එයා කණ්ඩායම හොදට හසුරුවයි කියලා මම විශ්වාස කරනවා. තව දෙයක් මාලිංග මේ තරගාවලියට කි‍්‍රඩා කරයි කියලා මම විස්වාස කරනවා. මොකද ඔහු කි්රඩාවෙන් විශ්‍රාම ගන්නවා කිවුවේ 2020 දි.
ඒත් එක්කම තරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලයි ’’
මාතර මහේෂ් මලවර ආරචිචි