මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මාධ්‍ය ආවරණයට යන ඇතැම් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 10ක් වෙන් කිරීමට පසුගියදා රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව සහ පරිපාලන කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ආවරණ කටයුතු සඳහා මාධ්‍යයෙන් වැඩි වශයෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.
කෙසේ වෙතත් අදාළ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා මෙරටින් පිටත්ව යන මාධ්‍යවේදීන් අතර මීට පෙර චෝදනා රැසක් ඉදිරිපත්ව ඇති එමෙන්ම මේ වනවිට කිසිදු මාධ්‍ය ආයතනයක ස්ථිර රැකියාවක් නොකරන පුද්ගලයෙකුත් අයත් බව 'අද'ට වාර්තා වේ. මෙම පුද්ගලයා මීට පෙර මෙරට ප්‍රධාන පෙළේ ගුවන්විදුලි නාළිකාවකින් අක්‍රමිකතා කටයුතු හේතුවෙන් එම නාළිකාවෙන් ඉවත් කළ පුද්ගලයෙකු වන අතර, ලෝක කුසලාන තරග ආවරණයට යන මාධ්‍යවේදීන්ගේ පිහිටෙන් මොහුද එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව හෙළි වේ.