ලෝක කුසලාන රග්බි තරගාවලියකදී නවසීලන්තය වෙනුවෙන් එකම කණ්ඩායමට ක්රීඩා කළ පළමු සොහොයුරන් තිදෙනා බවට පත්වීමට බැරට් සොහොයුරෝ සමත් වූහ. ඒ කැනඩාවට එරෙහිව ඊයේ (02දා) පැවැති තරගයට ක්රීඩා කරමිනි. මෙම තරගයට බූඩන් බැරට්, ස්කොට් බැරට් හා ජෝඩී බැරට් යන තිදෙනාම ක්රීඩා කළහ.
කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියකදී එක් කණ්ඩායමකට සොහොයුරන් තිදෙනෙකු ක්රීඩා කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1995 වර්ෂයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ටොංගා කණ්ඩායම නියෝජනය කරමින් ෆෙයාවො වුනිපොලා, එලිසි වුනිපොලා හා මානු වුනිපොලා යන සොහොයුරෝ තරග වැදුණහ.